History
පාසලේ ඉතිහාසය
අභිමානවත් ලෙසින් දිස්වෙන මප/ නා / මහින්ද ද්විතීයික පාසල මුලින්ම ආරම්භ වන්න් අදින් වසර 75කට පමණ පෙර පුබ්බිලිය්ෙ පඤ්ඤාසාර නම් හිමිග්ෙ මහැගි දායකත්වය මත මැටිහක්ක විද්‍යාලය ලෙසිනි. එවකට මෙම පාසල්ෙ මුල් ගුරැතුමා වූයේ ක්ජෙී. කීරාල මහතාය.
මැටිහක්ක හා අවට ගම්මාන වල දූ දරැවන්ග්ෙ නැණස පෑදීමේ සත් අරමුණ පෙරටු කොට ගෙන එදා එලෙසින්නෙ ඇරඹුණු මැටිහක්ක විද්‍යාලයෙ සුවිශේෂී පියවර මෙසේ දැක්වේ.
- 1972 අ.පො.ස (සා.පෙළ) විභාග සදහා ප්‍රථම වරට සිසුන් ඉදිරිපත් කරණ ලදි.
- මැටිහක්ක විද්‍යාලය 1972.01.01 දින මා/මැටිහක්ක විද්‍යාලය බවට පත්වීම.
- 1980 වසරේදී මුල් වරට අ.පො.ස (උ.පෙළ) පංති ආරම්භ කරන ලදි.
- 1980 දශකය තුළ භෞතික පහසුකම් වැඩිකරමින් කෘෂි විද්‍යා ඒකකයක්, බුදු මැදුරක් හා දෙමහල් ගොඩනැගිල්ලක් හා විද්‍යාගාරයක් හිමිවීම.
- එලෙස 2002 වසරේදී එවකට උපගුර ැවරයෙක්ව සිටි වත්වන් විදුහල්පති ඊ.ඒ.එස්. දිසානායක මහතාගේ මැදිහත්වීම මත මැටිහක්ක මහ විද්‍යාලය මා/නා/ මහින්ද විද්‍යාලය බවට පත්වීම.
- අයි.පී. නවරත්න බණ්ඩා විදුහල්පතිතුමාගේ දැඩි පරිසමය්ෙ ප්‍රතිඵලයක් ලෙස 2007 වසරේ ඉසුර ැ පාසලක් බවට පත්වීම.
- 2011 වසරේදී මා/නා/ මහින්ද විද්‍යාලය - මහින්ද ද්විතීයික පාසල -බවට පත්වීම.
- 2011 වසරෙන් පසු ද්විතීයික පාසල් 1000 වැඩසටහන යටතේ භෞතික මෙන්ම මානව සම්පත් ර ැසකට හිමිකම් කියමින් සිසුන් තමන් කැමති ඕනෑම විශය ධාරාවක් ඔස්සේ අධ්‍යාපනය හැදෑරිය හැකි පාසලක් බවට පත්වීම.
No comments:
Post a Comment