News

විෂය සමගාමී  ක්‍රියාකාරකම්

ක්‍රීඩා අංශය
වොලිබෝල්
දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෑතකාලීනව සුවිශේෂ ජයග්‍රහණ රාශියක්  ලබා ගෙන ඇත.
            නෙට්බෝල්
            සතිපතා පුහුණුවීම් සිදුකෙරේ. පහත ජයග්‍රහණ  වාර්තා කරගෙන ඇත.
මළල ක්‍රීඩා
සියලු ජවන හා පිටිය තර ඉසව් පුහුණුවීමේ අවස්ථාව  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවි ඇත.
ක්‍රිඩා අංශය භාරව බී.අයි.පී.බොකරගොඩ මෙනවිය කටයුතු කරයි.



පරිසර නියමු භට කණ්ඩායම
රජිත පදක්කම්ලාභීන් 30 දෙනෙකුගෙන් සමන්විත පරිසර නියමුවන් කණ්ඩායමක් ස්වර්ණ වර්ණ පදක්කම් අපේක්ෂාවෙන් හරිත පාසලක් නිර්මාණය කිරීමට සුවිශේෂී මෙහෙවරක් ඉටුකරයි.
පරිසර නියමු භට කණ්ඩායම භාරව යු.සී.කේ වෙල්ගම ගුරුමහත්මිය සහ ඩී.ජී.එම්. ශ්‍රීයාණි ගුරුමහත්මිය
කටයුතු කරති.

බාලදක්ෂ කණ්ඩායම
බාලදක්ෂයන් හා බාලදක්ෂ බාලිකාවන් 35 දෙනෙකුගෙන් සමන්විත බාලදක්ෂ කණ්ඩායමක් මහින්දය සතුව ඇත.නාඋල කලාප බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානය ලෙස මෙම පාසල නම්කර ඇත.
බාලදක්ෂ කණ්ඩායම භාරව එම්.ජී.ඒ.කේ.කරුණාරත්න මෙනවිය කටයුතු කරයි.

ඉසුරු මාධ්‍ය සංසදය
මහින්දයේ සන්නිවේදන කටයුතු භාරව ඉසුරු මාධ්‍ය සංසදය කටයුතු කරන අතර සැම බදාදා දිනකම ඉසුරු ගුවන් විදුලි වැඩසටහන මෙහෙයවීම සිදුකරයි.
ඉසුරු මාධ්‍ය සංසදය භාරව එම්.ඒ.එච්.එම්.මාපිටිගම ගුරුමහත්මිය සහ එල්.ඒ.දයාරත්න ගුරුමහත්මිය කටයුතු කරති.

බටහිර තූර්ය වාදක කණ්ඩායම
විද්‍යාලීය කටයුතු චෙනුචෙන් මෙම වසරේ සිට බටහිර තූර්ය වාදක කණ්ඩායමක් ක්‍රියාත්මක වේ.
බටහිර තූර්ය වාදක කණ්ඩායම භාරව අයි.නවරත්න ගුරුමහත්මිය කටයුතු කරයි.


නාවික ශිෂ්‍යභට බාලිකා කණ්ඩය
ශිෂ්‍යභට බාලිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත නාවික ශිෂ්‍යභට බාලිකා කණ්ඩයක් ක්‍රියාත්මක වෙමින් පවතී.එය මෙහෙයවීම දෙවන ලුතිතන් ඉමාෂා ඒකනායක ගුරුමහත්මිය සිදුකරයි.


No comments:

Post a Comment